අම්බුළුවාව ජෛව විවිධත්ව කලාපය පිහිටි ඉඩම ගැන අතුරු නියෝගයක්

අම්බුළුවාව ජෛව විවිධත්ව කලාපය පිහිටි ඉඩම ගැන අතුරු නියෝගයක්

December 11, 2025   01:20 pm

ගම්පොළ, අම්බුළුවාව ජෛව විවිධත්ව කලාපය පිහිටි ඉඩම සඳහා වූ අවසරය අහෝසි කිරීමට හෝ එය ආපසු කැඳවීම පිළිබඳව ඉදිරිපත් කර තිබෙන නිර්දේශය සම්බන්ධයෙන් ලබන 15 වනදා දක්වා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය තාවකාලික අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්වය භාර අරමුදල විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම පෙත්සම ලබන 15 වනදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙසත් නියම කෙරුණි.