උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර කිසිවකට හානී සිදු වී නෑ - විභාග කොමසාරිස්
December 11, 2025 12:18 pm
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංක 1911ට හෝ 0112 78 45 37, 0112 78 66 16 සහ 0112 78 42 08 යන දුරකථන අංක අමතා ඒ පිළිබඳ දැනුම්දිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව 0112 78 44 22 යන ෆැක්ස් අංකය මගින් මෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ http://gcealexam@gmail.com යන විද්‍යුත් තැපැල් අංකය ඔස්සේ ද ඒ පිළිබඳ දැනුම්දිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එමෙන්ම ගංවතුර සහ නායයැම් හේතුවෙන් උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර කිසිවකට හානී සිදුවී නොමැති බව භාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.
"කිසිදු ආකාරයක හානියක් සිදු වෙලා නෑ. විභාගයට දරුවන් ලියා අවසන් කළ උත්තර පත්‍ර ඉතාම සුරක්ෂිතව විභාග දෙපාර්තමේන්තුවේ තිබෙනවා. එමෙන්ම පැවැත්වීමට නියමිතව තිබූ විභාග වල ප්‍රශ්න පත්‍ර අපි වයලා තිබුණා අදාළ සම්බන්ධීකරණ මධ්‍යස්ථානවලට. ඒ ස්ථාන වල ඉතාම සුරක්ෂිතව ඒ ප්‍රශ්න පත්‍ර මළු තියෙනවා. ඒ වගේම ඇගයිම් කටයුතු පළමු අධියරයේ කටයුතු මේ අවස්ථාවේදීත් සිදුවෙමින් පවතිනවා."
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 2026 ජනවාරි 12 සිට 20 දක්වා පවත්වන බව පසුගිය දා නිවේදනය කළේය.
