දඹුල්ල මහ නගර සභාවේ 2026 අයවැය සම්මතයි

දඹුල්ල මහ නගර සභාවේ 2026 අයවැය සම්මතයි

December 11, 2025   10:09 am

දඹුල්ල මහ නගර සභාවේ 2026 අයවැය සම්මත වී තිබේ.

ඊයේ (10) පස්වරුවේ ඡන්දය විමසන අවස්ථාවේ විපක්ෂ නියෝජනය කරන සභිකයන් සභා ගර්භයෙන් ඉවත්ව සිට ඇති බැවින් අය-වැයට පක්ෂව ඡන්ද 12ක් ලැබුණු අතර විපක්ෂව කිසිදු ඡන්දයක් නොලැබිණි.

දඹුල්ල නගරාධිපති වසන්ත රාජමන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල මහ නගර සභාවේ 2026 අයවැය සඳහා වූ මහා සභාව ආරම්භ කර ඇති අතර පසුව උප නගරාධිපති සුසන්ත බටගොග මහතා සභාව අමතන අවස්ථාවේ ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් විපකෂයේ නියෝජිත මන්ත්‍රීවරුන් සියලුදෙනා සභා ගර්භයෙන් පිටව ගොස් ඇත.

තවද අයවැයේ සංශෝධනයන් පිළිබඳ කිසිදු යෝජනාවක් විපක්ෂය නියෝජනය කළ කිසිදු මන්ත්‍රීවරයෙකුගෙන් හෝ මන්ත්‍රීවරියකගෙන් ඉදිරිපත් නොවු බවද අද දෙරණ වාර්තාකරු පවසයි.