අමෙරිකානු හර්කියුලිස් ගුවන් යානයකින් සහන අරන් උතුරට ගිය දෙරණ

අමෙරිකානු හර්කියුලිස් ගුවන් යානයකින් සහන අරන් උතුරට ගිය දෙරණ

December 11, 2025   09:02 am

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරේ විපතට පත්වූ ජනතාවට සහන රැගෙන අමෙරිකානු ගුවන් හමුදාවේ C-130J සුපර් හර්කියුලිස් ගුවන්යානයකින් 'අද දෙරණ' කණ්ඩායමක් යාපනය බලා පිටත්ව ගියේය.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ආරම්භ කළ මනුසත් දෙරණ - ඩයලොග් සහන ක්‍රියාන්විතය 14 වන දිනටත් අද (11) දිනත් ක්‍රියාත්මක වන අතර, මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය කරමින් ආධාර බෙදා දීමට කටයුතු කර තිබේ.

ඒ අනුව උතුරු පළාතේ මෙතෙක් යෑමට අසීරු වූ ස්ථාන වෙත මනුසත් දෙරණ සහන රැගෙන මෙම විශේෂ අමෙරිකානු ගුවන් යානය පිටත්ව ගිය අතර, විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගෙන්, තානාපති කාර්යාල මඟින් සහ ආදරණීය ජනතාව විසින් මනුසත් දෙරණට ලබාදුන් පරිත්‍යාග මෙලෙස අද දිනයේ උතුරේ ජනතාවට බෙදාදීමට නියමිතය.