මනුසත් දෙරණ - ඩයලොග් සහන ක්‍රියාන්විතය 14වන දිනටත්
December 11, 2025 06:52 am
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ආරම්භ කළ මනුසත් දෙරණ - ඩයලොග් සහන ක්‍රියාන්විතය 14වන දිනටත් අද (11) ක්‍රියාත්මක වේ.
දිවයිනේ නන් දෙසින් දෙරණ ප්‍රධාන කාර්යාලය වෙත ලැබුණු ආහාර ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් දෑ අද දිනයේත් ආපදාවට පත් ජනතාව වෙත බෙදාදීම සිදු කෙරේ.
පරිත්‍යාගශීලීන් විශාල පිරිසක් මනුසත් දෙරණ සහන ක්‍රියාන්විතයට ආධාර රැගෙන ඊයේ දිනයේත් දෙරණ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණියේය.
