දිස්ත්‍රික්ක 5කට නායයෑම් රතු නිවේදන - ආරක්ෂිත ස්ථාන වෙත යන්න
December 5, 2025 04:50 pm
දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.
අද (05) සවස 4ට මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑම් අවධානම් නිවේදන නිකුත් කර ඇත.
පසුගිය පැය 24 තුළ මි.මී 150ට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පොළොව ගිලා බැසීම් සහ පස් කණ්ඩි කඩා වැටීමේ අනතුරුවලින් ඉවත්ව ආරක්ෂිත ස්ථානයකට යන ලෙස ජාතික ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය රතු නිවේදනය මඟින් දැනුම් දී තිබේ.
රතු නිවේදන නිකුත් කළ ප්‍රදේශ
මහනුවර දිස්ත්‍රික්කය
ගඟවට කෝරළය
දෙල්තොට
දොළුව
තුම්පනේ
මැදදුම්බර
මිනිපේ
පාතහේවාහැට
යටිනුවර
ගඟ ඉහළ කෝරළය
අකුරණ
උඩුනුවර
පන්විල
පාතදුම්බර
කුණ්ඩසාලේ
පස්බාගේ කෝරළය
හතරලියද්ද
උඩුදුම්බර
පූජාපිටිය
හාරිස්පත්තුව
උඩපළාත
කෑගල්ල දිස්ත්‍රික්කය
ගලිගමුව
කෑගල්ල
මාවනැල්ල
රඹුක්කන
දෙහිඕවිට
වරකාපොළ
දැරණියගල
බුලත්කොහුපිටිය
රුවන්වැල්ල
යටියන්තොට
අරණායක
කුරුණෑගල දිස්ත්‍රික්කය
නාරම්මල
මාවතගම
මල්ලවපිටිය
අලව්ව
රිදීගම
පොල්ගහවෙල
මාතලේ දිස්ත්‍රික්කය
රත්තොට
විල්ගමුව
උකුවෙල
පල්ලෙපොල
මාතලේ
ලග්ගල පල්ලේගම
යටවත්ත
නාඋල
අඹන්ගඟ කෝරළය
නුවරඑළිය දිස්ත්‍රික්කය
නිල්දණ්ඩාහින්න
වලපනේ
හඟුරක්කෙත
මතුරට
මේ අතර පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මි.මී 75 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතී නම් නායයෑමේ, බෑවුම් කඩා වැටීමේ, ගල් පෙරළීමේ, පස් කණ්ඩි කඩා වැටීමේ සහ පොළොව ගිලා බැසීමේ අවදානම පිළිබඳ විමසිලිමත් වෙන ලෙස පහත දිස්ත්‍රික්කවල ජීවත් වෙන ජනතාවට අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.
බදුල්ල දිස්ත්‍රික්කය
ඌව පරණගම
කන්දෙකැටිය
බණ්ඩාරවෙල
සොරණතොට
හාළිඇල්ල
මීගහකිවුල
බදුල්ල
ඇල්ල
හපුතලේ
ලුණුගල
වැලිමඩ
පස්සර
හල්දුම්මුල්ල
නුවරඑළිය දිස්ත්‍රික්කය
නුවරඑළිය
අඹගමුව කෝරළය
තලවකැලේ
නෝර්වුඩ්
බටහිර කොත්මලේ
නැගෙනහිර කොත්මලේ
රත්නපුර දිස්ත්‍රික්කය
කහවත්ත,
ගොඩකවෙල සහ
කොලොන්න
