තරග 20කට පසු ඉන්දියාව කාසියේ වාසිය දිනයි
December 6, 2025 02:11 pm
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අඛණ්ඩව වැඩිම වාර ගණනක් කාසියේ වාසිය පරාජය වූ කණ්ඩායම ලෙසින් ක්‍රිකට් වාර්තා පොතේ නිතර නොඇසෙන වාර්තාවක් හිමිකරගෙන සිටි ඉන්දියාවේ එම පරාජිත ගමන අද (6)අවසන් විය.
දකුණු අප්‍රිකාවට එරෙහිව අද පැවැත්වෙන තෙවන හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගැනීමත් ඔවුන්ගේ එම පරාජිත ගමන නැවතුනි.
ඉන්දියාව මෙම වසරේ ජනවාරි 31 සිට මේ දක්වා වූ කාලය තුළ ජාත්‍යන්තර තරග 20කදී අඛණ්ඩව කාසියේ වාසිය පරාජය වී සිටියේය.
1999 වසරේ පෙබරවාරි - අප්‍රේල් කාලසීමාවේ බ.ඉ. කොදෙව්වන් තරග 12ක කාසියේ වාසිය පරාජය වී තිබූ වාර්තාව අවස්ථාව අභිබවා යමින් ඔවුන් මෙම ගමන පැමිණියහ.
කාසියේ වාසිය පරාජිත වාර්තාවේ තෙවන ස්ථානයේ එංගලන්තය සිටින අතර, ඔවුන් 2022 දෙසැම්බර් සිට 2023 මාර්තු දක්වා වූ කාලය තුළ ජාත්‍යන්තර තරග 11ක කාසියේ වාසිය පරාජය වී තිබේ.
