''අනවශ්‍ය ලෙස භාණ්ඩ තොග රැස් කරන්න එපා''
December 1, 2025 12:23 pm
ඇති වී තිබෙන ආපදා තත්ත්වය නිසා ජනතාව විසින් භාණ්ඩ විශාල ලෙස එක් රැස් කරමින් සිටින අතර මෙම අවස්ථාවේ අනවශ්‍ය කලබලයක් ඇති කර ගත යුතු නැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
ඔවුන් වැඩිදුරටත් දැනුම් දෙන්නේ අනවශ්‍ය තොග රැස් කිරීමෙන් වැළකී තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පමණක් භාණ්ඩ මිලදී ගන්නා ලෙසය.
එමෙන්ම නිසි ක්‍රමවේදයක් යටතේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය පමණක් නිකුත් කරන ලෙස ද සුපිරි වෙළෙඳසැල්වලින් සහ වෙළෙඳුන්ගෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉල්ලීමක් කර ඇත.
පවතින මිල ගණන්වලට හා සාධාරණ මිල ගණන් යටතේ පමණක් භාණ්ඩ අලෙවි කරමින් මෙම අවස්ථාවේ දී රජයට සහ රටට සහාය පළ කරන ලෙස ද ව්‍යාපාරික ප්‍රජාවට ඔවුන් දැනුම් දී තිබේ.
එසේ නොමැති වෙළඳුන් සොයා දිවයින පුරා විශේෂ වැටලීම් සිදු කරන බවද එවැනි අපහසුතාවයන් පවතින්නේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සෘජුව අමතා තොරතුරු ලබා දෙන ලෙස ද මෙහිදී ජනතාවට දැනුම් දී ඇත.
භාණ්ඩ සාධාරණ ලෙස අලෙවි කරන්නේ ද බෙදා හරින්නේ ද යන්න පිළිබඳව සිය නිලධාරීන් විසින් නීරීක්ෂණය කරන බවත්, එසේ නොමැති වෙළෙදුන්ට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් එම අධිකාරිය වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම ආධාර එකතු කිරීම සඳහා නිවාසවලට පැමිණෙන වගකීම් රහිත පුද්ගලයින් ගැන අවදානය යොමු කරන ලෙසද පාරිභෝග කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
