
ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6කින් පරාජය කර තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේද ශූරතාව දිනාගැනීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම සමත් විය.
රාවල්පින්ඩිහිදී අද (29) රාත්‍රියේ අවසන් වූ මෙම තරගයේ ශ්‍රී ලංකාවෙන් හිමි වූ ලකුණු 115ක පහසු ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී පසුකර යෑමට පාකිස්තාන පිතිකරුවෝ සමත් විය.
පාකිස්තාන කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දුවාර 19.1කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 114ක් පමණි.







































