මනම්පිටිය පාලම මත සිරවී සිටි පුද්ගලයින් 13දෙනෙකු බේරා ගැනේ

මනම්පිටිය පාලම මත සිරවී සිටි පුද්ගලයින් 13දෙනෙකු බේරා ගැනේ

November 28, 2025   03:22 pm

පො‍‍ළොන්නරුව මනම්පිටිය පාලම මත සිරවී සිටි පුද්ගලයින් 13දෙනෙකු Bell-212 හෙලිකොප්ටර් යානයකින් නිරුපද්‍රිතව බේරා ගෙන තිබේ.

ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරේ අංක 7 හෙලිකොප්ටර් බලඝනයට අයත් යානයකින් මෙම මෙහෙයුම සිදු කර ඇත.

මේ වන විට ඔවුන් ආරක්ෂිත ස්‍ථාන වෙත යොමු කර ඇති බව ද වාර්තා වේ.