බේරාගත් ජීවිතයක්...

බේරාගත් ජීවිතයක්...

November 28, 2025   02:21 pm

අනුරාධපුර, කලාවැව පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුර තත්වයෙන් පොල් ගසක් මත ඊයේ‍ (27) දින සිට සිරවී සිටි පුද්ගලයෙක් අද (28) උදෑසන ගුවන් හමුදා භටපිරිස් විසින් මුදාගනු ලැබීය.

පො‍‍ළොන්නරුව මනම්පිටිය පාලම මත සිටි පුද්ගලයින් 13 දෙනෙක් ද ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 7 හෙලිකොප්ටර් බලඝනයට අයත් Bell-212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මඟින් නිරුපද්‍රිතව මෙලෙස බේරාගත්තේය.