මුදා ගැනීමේ මෙහෙයුම්වලට හෙලිකොප්ටර්යානා ලබාදීමට ඉන්දියාවේ එකඟතාවය

මුදා ගැනීමේ මෙහෙයුම්වලට හෙලිකොප්ටර්යානා ලබාදීමට ඉන්දියාවේ එකඟතාවය

November 28, 2025   02:41 pm

පවතින ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වී සිටින ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් යානා ලබාදීමට ඉන්දියාව සිය කැමැත්ත පළ කර තිබේ.

මේ වන විටත් ගුවන්යානා ප්‍රවාහනය කරනු ලබන ඉන්දීය නෞකාවක් කොළඹ වරාය තුළ නැංගුරම්ලා ඇති අතර එම නෞකාවේ ඇති හෙලිකොප්ටර් යානා මේ සඳහා ලබා දීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකා රජය විසින් විධිමත්ව කරන ලද ඉල්ලීමකට අනුව ඉන්දියාව මෙම එකඟතාවයට පැමිණ ඇති බව සඳහන් වේ.