කැලණි නිම්නයේ පහත්බිම්වලට අධි අවදානම් ගංවතුර තත්ත්වයක්

කැලණි නිම්නයේ පහත්බිම්වලට අධි අවදානම් ගංවතුර තත්ත්වයක්

November 28, 2025   01:47 pm

කැලණි ගංගා නිම්නයේ පහත්බිම්වලට මෑත ඉතිහාසයේ ඇති නොවුණු මට්ටමේ අධි අවදානම් ගංවතුර තත්ත්වයක් පිළිබඳ රතු නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එම නිවේදනය අද (28) සවස 1ට නිකුත් කර ඇති අතර ඉදිරි පැය 24 තුළ මෙම තත්ත්වය ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇත.

කැලණි ගංගා ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ තැන්වලට මේ වනවිට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතී.

මෙම තත්ත්වයෙන් ජීවිත ආරක්ෂා කරගැනීමට දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත් උපරිමයෙන් ආරක්ෂිත ස්ථානයන් කරා හැකි ඉක්මනින් ළඟා වෙන ලෙසත් ජනතාවට දැනුම්දී තිබේ.