ගල් ඔය හා මී ඔය අවට ප්‍රදේශවලට නිකුත් කළ  ගංවතුර අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

ගල් ඔය හා මී ඔය අවට ප්‍රදේශවලට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

November 28, 2025   01:27 pm

ගල් ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 48 සඳහා ද දීර්ඝ කර තිබේ.

එබැවින් එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂාවීමට කටයුතු කරන ලෙසත් දැනුම් වී ඇත.

එමෙන්ම මී ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර ඇඟවීම ද ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කර බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

ඒ අනුව එම ප්‍රදේශවල ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ද දැනුම් දී ඇත.