header logo
SLIC
උණුසුම් පුවත්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ශ්‍රී ලාංකික ඉස්ලාමීය සැකකරුවෙකු බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය පතයි
Nov 25, 202507:12 PM
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ශ්‍රී ලාංකික ඉස්ලාමීය සැකකරුවෙකු බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය පතයි
EDEX

2019 වසරේ අප්‍රේල් 21 වනදා සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් ප්‍රශ්න කිරීමක් සිදු කරන ලද ඉස්ලාමීය ත්‍රස්තවාදී සැකකරුවෙකු එක්සත් රාජධානියේ සරණාගතභාවය පතමින් සිටින බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

මෙම සැකකරුව 2022 වසරේ දී ශ්‍රී ලංකා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති නමුත් ඇප මත නිදහස් කර ඇති බව සඳහන් වේ.

ඉන් පසුව ඔහු එම වසරේදීම ශ්‍රී ලංකාවෙන් එක්සත් රාජධානියට පිටව ගොස් එහි සරණාගතභාවය ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ.

ඔහු, ඔහුට එල්ලව ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඔහු පවසා ඇත්තේ ශ්‍රී ලංකා පොලීසිය ඔහුව සොයා නිවසට ගොස් ඇති බැවින් නැවතත් මව් රටට යාමට සිදුවුවහොත් හිංසාවට සහ පීඩාවලට ලක්විය හැකි බවය.

විදෙස් මාධ්‍ය මෙම සැකකරුව නිර්නාමිකව හඳුන්වා දී ඇති අතර ඔහු සමග ඔහුගේ බිරිඳ ද සරණාගත භාවය ඉල්ලුම් කර ඇති බව සඳහන් වේ.

එම ඉල්ලීම් පළමුවෙන් එරට ස්වදේශ කටයුතු කාර්යාලය "Home Office" විසින් ප්‍රතික්ෂේප කර ඇති නමුත්, සැකකරු නැවතත් ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් මේ වන විට එම නඩුව නැවතත් විභාගයට ගෙන ඇති බවත් සඳහන් වේ.

"2022 ජනවාරි 5 වන දින ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ අතර පසුව අල්ලසක් ලබා දී ඔහු නිදහස් වී තිබෙනවා. පසුව ඔහු 2022 සැප්තැම්බර් 2 වන දින ශ්‍රී ලංකාවෙන් එක්සත් රාජධානියට පිටත්ව ගොස් ඇති අතර ඉන් පසුව 2022 සැප්තැම්බර් 15 වන දින ඔහුව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා."යනුවෙන් ඔහු එරට නඩු විභායේ දී පවසා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

2019 වසරේ පාස්කු ඉරිදා සිදු කළ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ගෙන් 269 දෙනෙකු මිය අතර ඒ අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් 6 දෙනෙකු ද විය.

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදුවූ පිපිරීමකින් මියගිය පිරිස අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් වන 42 හැවිරිදි ඇනීටා නිකල්සන් සහ ඇගේ දරුවන් වන 14 හැවිරිදි ඇලෙක්සැන්ඩර් සහ 11 හැවිරිදි ඇනබෙල් ද විය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට