කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට
November 25, 2025 06:19 pm
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් 20-20 තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම සහභාගිවන 3වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්ව තිබේ.
කාසියේ වාසිය දිනා ගනිමින් සිම්බාබ්වේ නායක රාසා පැවසුවේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ බවයි.
