header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
හල්දුම්මුල්ලේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා වෙයි - පහළ කඩුගන්නාවේ ගමනාගමනයට තවදුරටත් බාධා
Nov 25, 202506:37 AM
හල්දුම්මුල්ලේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා වෙයි - පහළ කඩුගන්නාවේ ගමනාගමනයට තවදුරටත් බාධා
Mobitel 1278

බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයට බෙරගල සහ හල්දුමුල්ල අතර ප්‍රදේශයෙන් පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබුණ රථ වාහන ධාවනය එක් මංතීරුවකට පමණක් සීමා කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කළේ, ඊයේ (24) රාත්‍රියේ මෙලෙස පස්කන්ද කඩා වැටී ඇති බවය.

කෙසේවෙතත් අදාළ ප්‍රදේශය තවදුරටත් නායයෑමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අද (25) උදෑසන පස්කන්ද කඩා වැටුණු ස්ථානය මාර්ග සංවර්ධන නිලධාරීන් විසින් පරීක්ෂාවට කිරීමට නියමිතය.

මේ අතර නායයෑම් හේතුවෙන් මේ වන විට වසා ඇති පහළ කඩුගන්නාව මාර්ගය වර්ෂාව නොමැති අවස්ථාවලදී පමණක් එක් මංතීරුවක් විවෘත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් කේ.එම් බණ්ඩාර මහතා සඳහන් කළේ, අදාළ මාර්ගයේ වාහන ගමනාගමනයට විවෘත කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවය.

මේ අතර පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග දිවයිනේ දිස්ත්‍රික්ක 7කට සිදුකර ඇති නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් වලංගු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම සංවිධානය පෙන්වා දෙන්නේ බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, කුරුණෑගල, නුවරඑළිය යන රත්නපුර යන දිස්ත්‍රික්කවල ජනතාව අවධානම් නිවේදන නිකුත් කර ඇති බවය.

මේ අතර කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට සහ කොළඹ යන දිස්ත්‍රික්ක සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් 2 මට්ටමේ නිවේදනයක් නිකුත් කර ඇති අතර, එම ප්‍රදේශවල ජනතාවට විමසිලිමත්ව සිටින ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි.

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග කළු,ගිං සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම් ද ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

නිල්වලා ගඟ, තලගහගොඩ සහ පානදුගම යන ප්‍රදේශවලින් පිටාර මට්ටමට පැමිණ ඇති බව වාර්තා වේ.

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 6ක් අඩි 4 බැගින් විවෘත කර ඇති අතර එමගින් තත්ත්පරයට ඝන අඩි 16,200 බැගින් ජලය මුදාහැරීමක් සිදුවන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බවය.

MostRead
Mobitel 1278
VideoStories
අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

අදත් රට පුරා දුක් දුන් කාලගුණය - ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ තද වැසි | Ada Derana

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

දුරදිග ගිය දිට්වා ආපදා වන්දි ආරවුල...පොල්ලක් අරන් ඇවිත් ග්‍රාමසේවකට තඩිබාන්න යන හැටි CCTV කැමරාවේ...

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අනුරාධපුර සත්‍යග්‍රහයේදී සිදුවූ දේ ගැන කස්සප හිමි දැන් කියන කතාව

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අද කාලගුණය වෙනස්වන හැටි "ජනතාව අවධානයෙන් කටයුතු කරන්න"

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

අයවැය ගැන පොළොන්නරුව රාජ්‍ය නායකයා ගමටම ඇහෙන්න කියපු කතාව

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

වනඇතෙකු සහ වනඅලියෙකු බලා සිටි පිරිසටත් ආචාර කරමින් පාර මාරු වූ හැටි

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

ලංකාවට ඔළුව උස්සන්නම දෙන්නේ නැති බෙංගාල බොක්ක..

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

නවගමුව පත්තිනි දේවාලය පිටුපස ගසක් කඩා වැටී වාහන කිහිපයක් කුඩුපට්ටම් වෙයි...

ගිරිඋල්ලටත් මහ වැසි...

ගිරිඋල්ලටත් මහ වැසි...

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

PSTA පනතේ රඟ එක පෙළට කියන ජන අරගලය

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

''දැන් ආණ්ඩුවේ බලය ඉවරයි, සීනි බෝල දීලා ජනතාව රවට්ටන්න හදන්නේ'' | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

ගාල්ලටත් මහ රෑ දැනෙන වැස්සක් | Ada Derana

 එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

එළැඹෙන 11 වැනිදා කාලගුණයට සිදුවන දේ

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

''කොළඹ කාණුව ගැන අහන්න වඩාත්ම සුදුසු නගරාධිපතිනිය'' - ''කොළඹට වැහැලා තියෙනවා'' | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

වැස්සෙන් පස්සේ කටඇරිය බල්තසාර්.. | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
 අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

අනුරගේ පවුලේ ආදායම ජනපති වැටුපයි - සජිත් ලක්ෂ 825කට වඩා ණයයි

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

ජලාශ අටම පීරී භූකම්පන අවදානමක්

 11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

11වැනිදාට පසු කාලගුණයේ කැලඹීමක්?

 දීපාවලී දිනය අදයි

දීපාවලී දිනය අදයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ