සයුරෙන් එතෙර
පාකිස්තානයේ සිටින ඇෆ්ගන් සරණාගතයින් අත්අඩංගුවට ගැනීම් ඉහළට
November 18, 2025 09:19 pm
පාකිස්තානයේ රැඳීසිටින ඇෆ්ගන් සරණාගතයින් අත්අඩංගුවට ගැනීම් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බලොචිස්තානයේ, ක්වෙටා සහ පන්ජාබයේ එලෙස අත්අඩංගුවට ගැනීම් වාර්තා වී ඇතැයි පැවසෙයි.
එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සි වාර්තාවකට අනුව වැඩිම අත්අඩංගුවට ගැනීම් හෝ රඳවා තබාගැනීම් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ මෙම වසරේ ගතවූ කාලය තුළදී බව පැවසෙයි.
2025 ජනවාරි 1 සිට නොවැම්බර් 8 දක්වා කාලය තුළ ඇෆ්ගන් ජාතිකයින් 100,971ක් අත්අඩංගුවට ගෙන ඇති අතර 2024දී ඇෆ්ගන් ජාතිකයින් 9,006 ක් රඳවා තබා ගෙන ඇත.
2023 දී ඇෆ්ගන් ජාතිකයින් 26,299 ක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වසරේ නොවැම්බර් 2 සිට 8 දක්වා, ඇෆ්ගන් ජාතිකයන් 13,380ක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ඇති අතර, එය පෙර සතියට සාපේක්ෂව සියයට 72ක වැඩිවීමක් බව සඳහන්ය.
