ප්රදේශ දෙකකදී දියේ ගිලීමෙන් මරණ දෙකක් - තවත් අයෙක් අතුරුදන්
November 17, 2025 07:41 am
ප්රදේශ කිහිපයක දියේ ගිලීමෙන් මරණ කිහිපයකක් වාර්තා වූ බව පොලීසිය පවසයි.
පොලීසිය පැවසුවේ මෙම මරණ ඊයේ (16) දිනයේදී සිදුව ඇති බවය.
ඒ අනුව ඊයේ සවස් කාලයේදී හලාවත පොලිස් වසමේ හලාවත මුහුදු තීරයේ සිටි කාන්තාවක් හා වයස අවුරුදු 8ක දරුවෙකු රළ පහරකට හසුවී දියඹට ගසාගෙන ගොස් තිබේ.
එහිදී ප්රදේශවාසීන් විසින් ඔවුන් බේරාගෙන හලාවත රෝහළට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර පසුව කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 61ක් වූ දංකොටුව ප්රදේශයේ පදිංචිකාරියකි.
එමෙන්ම ඊයේ සවස් කාලයේදී කොළඹ කොටුව පොලිස් වසමේදී ගාලු මුවදොර මුහුදු තීරයේ දිය නෑමට ගොස් සිටි පුද්ගලයින් දෙදෙනෙකුද දියේ ගිලී තිබේ.
ඒ අනුව කොටුව පොලීසිය මගින් නාවික හමුදාව දැනුවත් කර දියේ ගිලුණු පුද්ගලයින් දෙදෙනා බේරාගෙන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 19ක් වූ ආගරපතන ප්රදේශයේ පදිංචිකරුවෙකි.
එමෙන්ම සවස් කාලයේදී එගොඩඋයන පොලිස් වසමේ එගොඩඋයන මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවට එගොඩඋයන පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ අවුරුදු 17ක් වූ කටුකුරුන්ද, මොරටුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අතුරුදන්වූ පුද්ගලයා තවත් මිතුරන් දෙදෙනෙකු සමග ඉහත ස්ථානයේ දිය නෑමට ගොස් සිටියදී තිදෙනාම මුහුදු රළකට හසුවී ගසාගෙන ගොස් ඇත.
පසුව ප්රදේශවාසීන් විසින් ඉන් දෙදෙනෙකු බේරාගෙන ඇති අතර එක් පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.
අතුරුදන්වූ පුද්ගලයා සොයා එගොඩඋයන පොලීසිය තවදුරටත් මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි.
