පවන් රත්නායක විස්සයි20 සංචිතයට
November 17, 2025 12:50 pm
පාකිස්තානයේ පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා පවන් රත්නායක සංචිතයට ඇතුළත් කර ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කර සිටී.
කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු අසනීප වීම හේතුවෙන් මෙසේ ඔහුව සංචිතයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
පවන් මේ දක්වා කිසිදු ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් තරගයක් ක්‍රීඩාකර නොමැත.
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ඊයේ (16) පැවති අවසන් එක්දින තරගයේදී ඔහු ජාත්‍යන්තර එක්දින වරම්ද දිනාගත්තේය.
