ශ්‍රී ලංකා ඉනිම ලකුණු 211කට සීමාවෙයි

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 211කට සීමාවෙයි

November 16, 2025   06:46 pm

පාකිස්තානයට එරෙහිව අද (16) පැවැත්වෙන තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 45.2කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 211ක් පමණි.

ඒ අනුව තරග 3-0ක් ලෙස ශ්‍රී ලංකාව පූර්ණ තරගාවලි පරාජයකට ලක්කිරීමට පාකිස්තානයට ලකුණු 212 පහසු ඉලක්කයක් හිමිවිය.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා‍ බවට පත් වූ සධීර සමරවික්‍රම ලකුණු 48ක්ද, සිය මංගල එක්දින තරගයට ක්‍රීඩාකරන පවන් රත්නායක ලකුණු 32ක්ද රැස්කළේය.

පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් වසීම් ලකුණු 47කට කඩුලු 3ක් හා හාරිස් රවුෆ් ලකුණු 38කට කඩුලු 2ක්ද දවාගත්තේය.