
ආවා කල්ලියේ ප්‍රධානියා ලෙස සැලකෙන විනෝද් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් ඊයේ (11) දින චුන්නාකම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ආවා කල්ලියේ විනෝද් නැමැත්තා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 400ක් පොලිස් භාරයට ගෙන තිබේ.
එමෙන්ම ඔහුගේ සගයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අත්බෝම්බයක් සහ කඩුවක්ද ඔහු සතුව තිබී ඇත.
චුන්නාකම් පොලීසිය විසින් සිදුකරන ලද වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගනිමින් සිටී.



















































