'කල්මේගි' කුණාටුවෙන් පිලිපීනයේ මියගිය ගණන තවදුරටත් ඉහළට
November 7, 2025 08:42 pm
පිලිපීනයට බලපා ඇති “කල්මේගි“ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 188 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ වර්ෂාව සමඟ ඇති වු තද සුළං තත්ත්වය හේතුවෙන් නිවාස මිලියන 1.6ක පමණ ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී ඇති බවය.
ගංවතුර සහ නායයෑම් හේතුවෙන් සිදු වූ අනතුරුවලින් පීඩාවට පත් වූ පුද්ගලයින් 537,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ද එරට ආපදා කළමණාකරණ අංශ පියවර ගෙන ඇත.
එමෙන්ම විපතට පත් වූ පුද්ගලයින් මුදා ගැනීම සඳහා එරට ආරක්ෂක අංශ සාමාජිකයින් ලක්ෂ 02කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
