'රටම එකට' ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් 1,091ක් අත්අඩංගුවට
November 7, 2025 08:21 pm
විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ ‘රටම එකට‘ ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් ගත වූ දිනයේදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 1091 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 872ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 937ක් සහ හෂීෂ් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බව පොලිසිය සඳහන් කළේය.
ඒ අතරින් සැකකරුවන් 28 දෙනෙකු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව සඳහන් වේ.
එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බවට හඳුනාගත් සැකකරුවන් 17දෙනෙකු පුනරුත්ථාපනය සදහා යොමු කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේය.
ඒ අනුව විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ ‘රටම එකට‘ ජාතික මෙහෙයුම ආරම්භ කර ගත වූ දින 08ක කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වල දී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 9000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර පොලිසිය විසින් දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 35 දෙනෙකු ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන තිබේ.
එම මෙහෙයුමේදී පුද්ගලයින් 32,571 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.
එහිදි විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 700 දෙනෙකු, වරෙන්තුකරුවන් 685 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 460 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊට අමතරව බීමත් හා අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 40 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
