ගාල්ල ජා කොටුව වෙරළ තීරයේ නාඳුනන මළ සිරුරක්
November 7, 2025 07:43 pm
ගාල්ල ජා කොටුව වෙරළ තීරයට ගොඩගසා තිබියදී නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 65ක පමණ පුද්ගලයෙක් වන බව පොලීසිය සැක පල කරයි.
සිරුර පිළිබඳ මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසු මළ සිරුර ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් තිබේ.
