රජරට විශ්වවිද්‍යාලයේ වැඩවර්ජනය තවදුරටත්

රජරට විශ්වවිද්‍යාලයේ වැඩවර්ජනය තවදුරටත්

November 6, 2025   09:41 pm

රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරය පිළිබඳ ගැටළුව හේතුවෙන් ආචාර්යවරුන් ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව 07 වෙනි දිනටත් අද (06) ක්‍රියාත්මක විය. 

එහිදී ආචාර්යවරුන් කළු කොඩි ඔසවා ඔවුන්ගේ විරෝධතාවය පළ කර තිබුණි.

රජරට විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයෙක් පත් නොකිරීම පිළිබඳව විරෝධය පළ කිරීමට හා දැනට සිටින උපකුලපතිරවරයාට වහාම ඉල්ලා විය යුතු බවට බල කරමින් ආචාර්යවරුන් විසින් මෙම විරෝධතාවය පවත්වනු ලබයි.