පාරිසරික ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් ක්ෂණික දුරකථන අංකයක්

පාරිසරික ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් ක්ෂණික දුරකථන අංකයක්

November 6, 2025   07:45 pm

මාධ්‍ය නීති සංසදය (Media Law Forum) විසින් ශ්‍රී ලංකාවේ පාරිසරික ජනමාධ්‍යවේදීන්ට නීති ආධාර ලබා ගැනීම සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක ක්ෂණික දුරකථන ඇමතුම් සේවයක් ස්ථාපිත කර තිබේ.

ඒ අනුව 074 30 70 888 දරන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ මෙසේ නීති ආධාර ලබා ගැනීමට හැකියාව ලැබේ.

මෙය ශ්‍රී ලංකාවේ පාරිසරික ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් හඳුන්වා දෙන නීති ආධාර සදහා වූ ප්‍රථම, හදිසි ක්ෂණික ඇමතුම් අංකය වේ. 

පාරිසරික ජනමාධ්‍යවේදියකු ලෙස තම සමාජ වගකීම ඉටුකරමින් පාරසරික ගැටලු වාර්තාකරණය අතරතුර නිරන්තර අභියෝගයන්ට හා තර්ජනවලට මුහුණදෙන සහ තම අයිතීන් උල්ලංඝනයකට ලක්වන ජනමාධ්‍යවේදීන්ට කඩිනම් හා විශ්වාසදායක ලෙසින් නීතියට ප්‍රවේශ විය හැකි අයුරින් නීති ආධාර ලබාදීම සඳහා මෙහි මූලික අපේක්ෂාව වී ඇත.

සම්පූර්ණ නිවේදනය පහතින්,

ජනමාධ්‍ය නිවේදනය

මාධ්‍ය නීති සංසදය (Media Law Forum) විසින් ශ්‍රී ලංකාවේ පාරිසරික ජනමාධ්‍යවේදීන්ගේ නීති ආධාර උදෙසා පැය 24 පුරාම ක්‍රියාත්මක 074 30 70 888 දරන ක්ෂණික දුරකථන ඇමතුම් සේවය ස්ථාපිත කර තිබේ. මෙය ශ්‍රී ලංකාවේ පාරිසරික ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් හදුන්වාදෙන නීති ආධාර සදහා වූ ප්‍රථම, හදිසි ක්ෂණික ඇමතුම් අංකය වේ. පාරිසරික ජනමාධ්‍යවේදියකු ලෙස තම සමාජ වගකීම ඉටුකරමින් පාරසරික ගැටලු වාර්ථාකරණය අතරතුර නිරන්තර අභියෝගයන්ට හා තර්ජනවලට මුහුණදෙන සහ තම අයිතීන් උල්ලංඝනයකට ලක්වන ජනමාධ්‍යවේදීන්ට කඩිනම් හා විශ්වාසදායක ලෙසින් නීතියට ප්‍රවේශ විය හැකි අයුරින් නීති ආධාර ලබාදීම සඳහා මෙම හදිසි ඇමතුම් සේවය පිහිටුවීම මාධ්‍ය නීති සංසදයේ මූලික අපේක්ෂාවයි. 

මෙම 24/7 ක්ෂණික දුරකථන ඇමතුම් සේවය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ක්‍රියාත්මක වේ. ඒඅනුව පාරිසරික දත්ත වාර්තා කිරීමේදී පාරසරික ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවන නීතිමය බිය ගැන්වීම්, හිරිහැර කිරීම් හෝ වෙනත් ආකාරයේ පීඩනයන් පිළිබදව අවශ්‍ය නීති ආධාර ලබාගැනීමට මෙම ක්ෂණික දුරකථන ඇමතුම් සේවය ප්‍රධාන මාධ්‍යයකි. මෙම ඇමතුම් සේවය ස්ථාපිත කිරීම මගින් ක්ෂණික ඇමතුම් අංකය පිළිබඳ දැනුවත්භාවය ව්‍යාප්‍ත කිරීම, මාධ්‍ය වෘත්තිකයන් අතර එහි භාවිතාව වැඩි දියුණු කිරීම සහ මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම සඳහා මාධ්‍ය නීති සංසදයේ පුළුල් දැක්ම ශක්තිමත් කිරීම අරමුණු කෙරේ.

ක්ෂණික දුරකථන ඇමතුම් සේවය යළි ස්ථාපිත කිරීමේදී අවධානය යොමුකෙරෙන විශේෂ කරුණු:

* පාරිසරික ජනමාධ්‍යවේදීන් සඳහා වෙන්වූ විශේෂ නීති සහාය: මෙම ක්ෂණික ඇමතුම් අංකය හරහා පාරිසරික ජනමාධ්‍යකරණයේ නියුතු ජනමාධ්‍යවේදීන්ට එම ක්ෂේත්‍රයේදී මුහුණදීමට සිදුවන අභියෝගවලට එරෙහිව නීති ආධාර ලබාදෙමින් පාරිසරික ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් විශේෂ අවදානයක් සහිතව සකස් කරන ලද විශේෂිත නීති උපදෙස් සහ මැදිහත්වීම් සහතික කරයි.
* 24/7 ත්‍රෛභාෂා සහාය: පාරිසරික ජනමාධ්‍යවේදීන්ට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් මෙම ක්ෂණික ඇමතුම් සේවය භාවිත කරමින් නීති ආධාර ලබාගත හැකි අතර, භාෂාව ක්ෂණික නීති සහය ලබාගැනීමට බාධාවක් නොවන බව සහතික කරයි.
* කඩිනම් නීතිමය සහ අධිකරණ මැදිහත්වීම්: තර්ජනවලට මුහුණදෙන ජනමාධ්‍යවේදීන් හා ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා මාධ්‍ය නීති සංසදය විසින් අවශ්‍ය අවස්ථාවලදී නීතිමය උපදේශනය ඇතුළුව අධිකරණයේ පෙනීසිටිමින් නීතිමය සහ අධිකරණ ක්‍රියාවලීන්හිදීද ක්‍රියාකාරීව කටයුතු කරයි. 
* ජනමාධ්‍ය නිදහස ශක්තිමත් කිරීම: මාධ්‍ය නීති සංසදය විසින් අඛණ්ඩ නීති සහාය ලබාදෙමින් පාරිසරික ජනමාධ්‍යවේදීන්ට ඔවුන්ගේ පාරිසරික ජනමාධ්‍යකරණයේ නිදහස සහ ආරක්ෂාව සහතික කරයි. එමගින් ජනමාධ්‍යකරණයයේ පාරිසරික යහපාලනයට ජනමාධ්‍යවේදියකු සතු වියයුතු විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කරයි.
නීති ආධාර සදහා වූ ක්ෂණික ඇමතුම් අංකය: 074 30 70 888 (මෙම සේවාව 24/7  සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් ලබාගත හැකිය)

මාධ්‍ය නීති සංසදය පිළිබදව:
මාධ්‍ය නීති සංසදය යනු ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට සහ ජනමාධ්‍යවේදීන්ට නීතිමය සහාය ලබාදීමට කැප වූ ප්‍රමුඛ ලාභ නොලබන සංවිධානයකි. හදිසි නීති ආධාර, උපදේශනය සහ පුහුණු වැඩසටහන් හරහා, ජනමාධ්‍ය වෘත්තිකයන්ට ආරක්ෂිතව, ස්වාධීනව සහ අනවශ්‍ය මැදිහත්වීම්වලින් තොරව වෘත්තීය සිදුකිරීමේ ශක්‍යතාව මාධ්‍ය නීති සංසදය විසින් සහතික කරයි.
මාධ්‍ය විමසීම් සහ වැඩිදුර තොරතුරු සඳහා සම්බන්ධ වන්න:

මාධ්‍ය නීති සංසදය
Media Law Forum