ප්‍රාණ ඇපකරුවන්ගේ මළ සිරුරු 28න් 21ක් ආපසු දුන් බව හමාස් කියයි
November 6, 2025 08:41 pm
හමාස් සංවිධානය භාරයේ තිබු ප්‍රාණ ඇපකරුවන්ගේ මළ සිරුරු 28න් 21ක් ආපසු ලබා දී ඇති බව එම සංවිධානය පවසයි.
ඊශ්‍රායලයේ රඳවා සිටි පලස්තීන රැඳවියන් 2,000කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට භාර දී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
ඊට අමතරව ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් 20 දෙනා ද මේ වන විට භාර දී ඇති බව වාර්තා වේ.
පසුගිය ඔක්තෝබර් 10 වනදා සිට ක්‍රියාත්මක වන සටන් විරාම ගිවිසුමේ නියමයන් යටතේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය මෙම ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම සිදු කරයි.
