'කල්මේගි' වියට්නාමයට කඩාවදී
November 6, 2025 06:37 pm
මේ වසරේ ආසියාවේ බලවත්ම නිවර්තන කුණාටුව වන 'කල්මේගි' සුළි කුණාටුව වියට්නාමයට ඇතුළු වී තිබේ.
කල්මේගි කුණාටුව හේතුවෙන් මේ වන විටත් අවම වශයෙන් පුද්ගලයින් 114 දෙනෙකු මිය ගොස් ඇති අතර පිලිපීනයේ මුළු නගරම ජලයෙන් යටවී ඇත.
කෙසේ වෙතත් වියට්නාමයට මේ වන විටත් අධික වර්ශාපතනයක් ඇද හැලෙන අතර ගංවතුර තත්ත්වයකට ද ඔවුන් මුහුණ දී සිටී.
එමෙන්ම රටේ ගුවන්තොටුපොළ හයක් වසා දැමීමට නියෝග කර ඇති අතර ගුවන් ගමන්වාර සිය ගණනකට ඉන් බලපෑම් එල්ල වනු ඇති බවට ද එරට රජය අනතුරු අඟවා තිබේ.
