ලකුණු 3කින් කොදෙව් බලාපොරොත්තු බොඳවෙයි
November 6, 2025 04:53 pm
සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම පරාජය කර ඕක්ලන්ඩ්හිදී අද (6) පැවති දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් ලැබීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය.
පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළදී ලකුණු 207/5ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස බ.ඉ. කොදෙව් කණ්ඩායමට නියමිත පන්දුවාර සංඛ්‍යාව තුළදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 204/8ක් පමණි.
මෙහිදී කොදෙව් කණ්ඩායම අවසන් පන්දුවාර 5ට ලකුණු 87ක් රැස්කිරීමට සමත් විය.
එය පූර්ණ සාමාජික රටවල් ද්විත්වයක් අතර පැවැත් වූ තරගයක ඉලක්කය හඹයෑමේදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය.
මීට පෙර එම වාර්තාවද ඔවුන් සතුවම තිබුණි.
පසුගිය 2023 වසරේ එංගලන්තයට එරෙහිව පැවති තරගයකදී ඔවුන් ලකුණු 86ක් රැස්කර තිබේ.
මේ වනවිට තරග 5කින් යුත් තරගාවලිය තරග 1-1ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවේ.
නවසීලන්තය 207/5 (පන්දුවාර 20)
මාක් චැප්මන් 78 (28), ටිම් රොබින්සන් 39 (25), ඩැරිල් මිචෙල් නොදැවී 28 (14), රොස්ටන් චේස් 2/33 (4)
බ.ඉ. කොදෙව් 204/8 (පන්දුවාර 20)
රොව්මන් පවෙල් 45 (16), රොමාරියෝ ශෙෆර්ඩ් 34 (16), ඇලික් අතනාස් 33 (25), මැතිව් ෆෝඩ් නොදැවී 29 (1), මිචලේ සැන්ට්නර් 3/31 (4), ඉෂ් සෝධි 3/39 (4)
