අමෙරිකාවේ ගුවන් ගමන් කප්පාදුවක් ගැන අනතුරු ඇඟවීමක්
November 6, 2025 03:16 pm
අමෙරිකානු රජයේ වියදම් සඳහා කොංග්‍රසයට ඉදිරිපත් කෙරුණු කෙටුම්පත සම්මත නොවීම හේතුවෙන් ගුවන් ගමන්වලින් සියයට 10ක් කප්පාදුකිරීමට සිදුවනු ඇතැයි එරට ප්‍රවාහන ලේකම්වරයා පවසයි.
එහිදී බලපෑම් එල්ල වනු ඇතැයි අපේක්ෂිත ගුවන්තොටුපොළ ගණන 40කි.
තවද කෙටුම්පත සම්මත නොවීම හේතුවෙන් අමෙරිකානු මධ්‍යම රජයේ කටයුතු මේ වනවිට අඩපණ වී තිබේ.
දින 36ක් පුරා එරට රජයේ සේවක වැටුප් ගෙවීම අත්හිටුවා ඇති අතර, ඒ යටතේ තවත් රජයේ සේවකයින් ලක්ෂ ගණනක් අනිවාර්ය නිවාඩු යැවීමට සිදුව ඇත.
මේ දිනවල ක්‍රියාත්මක අමෙරිකානු රජයේ සේවා තාක්ෂණික වශයෙන් අඩපණවීම ඉතිහාසයට එක්ව ඇත්තේ එරට දීර්ඝතම රජයේ සේවා අඩපණවීම ලෙසයි.
