මෝටර් රථයක් දුම්රියක ගැටී වනවාසල දී අනතුරක්

මෝටර් රථයක් දුම්රියක ගැටී වනවාසල දී අනතුරක්

November 5, 2025   08:10 pm

වනවාසල හා කැලණිය අතර දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටී අද (5) පස්වරුවේ අනතුරක් සිදුව තිබේ.

කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා ගමන්කරමින් තිබූ දුම්රියක මෝටර් රථය ගැටී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ එක් අයෙකු පමණක් සිට ඇති අතර, ඔහු දුම්රිය සංඥා නොතකා ගමන්කර ඇති බව සඳහන්.

මෝටර් රථය දුම්රියේ ගැටීමත් සමග එය හරස් මාර්ගයේ සිට මීටර 200ක් පමණ ඇදීගොස් ඇති අතර, එහි රියදුරු මේ වනවිට බරපතළ තුවාල ලබා රෝහල්ගතකර ඇත.

මෙම අනතුර හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පැවසීය.