මෙරට පෝෂණ තත්ත්ව ඉහළ නැංවීමට ලෝක ආහාර වැඩසටහනේ සහාය ඉදිරියටත්

මෙරට පෝෂණ තත්ත්ව ඉහළ නැංවීමට ලෝක ආහාර වැඩසටහනේ සහාය ඉදිරියටත්

November 5, 2025   07:16 pm

ලෝක ආහාර වැඩසටහනේ මෙරට නියෝජිත පිලිප් වෝඩ් මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් සිදුව තිබේ.

එහිදී ලෝක ආහාර වැඩසටහනේ  2023- 2027 දක්වා කාලය තුළ උපායමාර්ගික සැලැස්ම පිළිබඳව අවධානය යොමුවී ඇති බව සඳහන් වේ.

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ සුරක්ෂිතතාව වෙනුවෙන් රජයේ ඉදිරි වැඩ පිළිවෙල අනුව ලෝක ආහාර වැඩසටහන සමග ඉදිරි කටයුතු සිදු කිරීම පිළිබඳව එහිදී  සාකච්ඡා කර ඇත.

මෙරට මව්වරුන්ගේ සහ ළමුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සහ මන්ද පෝෂණ තත්ත්වයන් තුරන් කරමින් නියමිත පෝෂණයෙන් යුත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීම උදෙසා ලෝක ආහාර වැඩසටහන ඉදිරියටත් දායකත්වය ලබාදෙන බව ද එහිදී සාකච්ඡා වී තිබේ.