දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දස්කම් දැක්වූ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයේ
October 30, 2025 06:30 pm
ඉන්දියාවේ රංචිහිදී පසුගියදා නිමාවට පත් වූ 4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී දක්ෂතා දැක්වූ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර දැක්වීමේ උත්සවයක් යුද හමුදා මූලස්ථානයේදී අද (30) පැවැත්විණි.
යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.
මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 59 දෙනෙකු සහභාගී වූ අතර, ඔවුන්ගෙන් 30 දෙනෙකුම යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය.
ඔවුන්ගෙන් 12 දෙනෙකුට රන් පදක්කම් දිනාගැනීමට හැකිවිය.
ඊට අමතරව 08 දෙනෙකු රිදී පදක්කම් ද, 7 දෙනෙකු ලෝකඩ පදක්කම් ද ලෙස සමස්ත පදක්කම් 27ක් ශ්‍රී ලංකාවට දිනා දුන්හ.
ඒ අනුව මෙම විශිෂ්ට ජයග්‍රහණ සඳහා දායකත්වය ලබා දුන් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සියලු දෙනාට ඔවුන්ගේ අනාගත ක්‍රීඩා අභිවෘද්ධිය වෙනුවෙන් මිලියන 06කට අධික විශේෂ මූල්‍ය පරිත්‍යාගයක් යුද හමුදාපතිවරයා විසින් සිදු කරන ලදී.
එසේම පදක්කම්ලාභී ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 18 දෙනෙකුට ඔවුන්ගේ ඊළග නිලය සඳහා උසස්වීම් ප්‍රධානය කිරීමට ද යුද හමුදාපතිවරයා කටයුතු කළේය.
Post settings Labels No matching suggestions Published on 10/30/25 6:50 PM Permalink Location Options Creating new post...










