මැලේසියාවේ පාසල් රැසක් වසා දැමේ - පාසල් ළමුන් 6000ක් ලෙඩ වෙයි
October 14, 2025 11:29 am
මැලේසියාවේ ප්‍රදේශ රැසක පැතිර යමින් පවතින ඉන්ෆ්ලුඑන්සා රෝගය හේතුවෙන් එරට පාසල් රැසක් වසා දමා තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඉන්ෆ්ලුඑන්සා රෝගය ආසාදිත පාසල් ළමුන් 6,000ක් පමණ මේ වන විට වාර්තා වී ඇති බවය.
රෝගය පාලනය සඳහා මාර්ගෝපදේශ ද හඳුන්වා දී ඇති අතර පසුගිය සතියේ දී ඉන්ෆ්ලුඑන්සා ආසාදිත කණ්ඩායම් 97ක් ද වාර්තා වී ඇත.
මැලේසියාවේ බොහෝ ප්‍රදේශවලින් ආසාදිත රෝගීන් වාර්තා වී ඇති අතර වැඩිම පිරිසක් පාසල් සහ පෙර පාසල් දරුවන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ