කලාපීය වෙළෙඳාමේදී රුපියල භාවිතයට ඉන්දියාව සැරසේ

කලාපීය වෙළෙඳාමේදී රුපියල භාවිතයට ඉන්දියාව සැරසේ

October 2, 2025   08:11 pm

ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානය සමග සිදුකරන වෙළෙද ගනුදෙනුවලදී ඉන්දීය රුපියල භාවිත කිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබේ.

අදාළ රටවල් සදහා ණය ලබාදීමේදී ද ඉන්දියානු රුපියල් භාවිත කිරීමට මෙන්ම සිය ප්‍රමුඛ වෙළෙඳ හවුල්කරුවන් සදහා නිල විනිමය අනුපාතයක් හඳුන්වාදීමට ද ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබුණි.

කලාපීය වෙළෙඳාමේ දී අමෙරිකානු ඩොලරය මත යැපීම අවම කිරීම මෙම පියවර මගින් අපේක්ෂිතය.