සීනිමෝදර අයිස් ගොඩබිමට රැගෙන ආ යාත්‍රාවේ හිමිකරුට රැඳවුම් නියෝග
October 2, 2025 05:34 pm
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේදී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ආ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා හිමිකරුගෙන් දින 7ක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට අධිකරණය අවසර ලබාදී ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අද (2) දහවල් තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ 3ක තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 700කට අධික ප්‍රමාණයක් පසුගියදා පොලීසිය විසින් සොයාගනු ලැබීය.
අදාළ මත්ද්‍රව්‍ය තොගය විදෙස් රටක සිට ටෝලර් යාත්‍රාවකින් ගෙනවිත් කුඩා ධීවර යාත්‍රාවකින් මෙරටට රැගෙනවිත් ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.
එම කුඩා යාත්‍රාවේ හිමිකරු මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.