චීන තානාපති - මෛත්රී අතර හමුවක්
September 16, 2025 12:38 pm
මෙරට චීන තානාපතිවරයා, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාව හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.
පසුගියදා මෙම හමුව සිදුව තිබුණේ හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදීය.
එහිදී වත්මන් දේශපාලන තත්ත්වය සහ ඉදිරි දේශපාලන තත්ත්තවය පිළිබඳව සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වෙයි.
චීන තානාපතිවරයා හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හමුවීමට පෙර හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්රමසිංහ යන මහත්වරුන්ද හමුවී ඇති බව සඳහන්ය.
"ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ" පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව තිබේ.
ඒ අනුව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාද ඊට අදාළ ලියකියවිලි ලැබීමෙන් පසු නිල නිවස භාරදීමට කටයුතු කරන බව පසුගියදා පැවසීය.