නාමල් රාජපක්ෂ සහ සන්තෝෂ් ජා අතර හමුවක්
September 16, 2025 01:48 pm
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබේ.
ඒ කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදීය.
එහිදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ වර්ධනයන් පිළිබඳව සාකච්ඡා කළ බවත් ඉදිරියටත් දෙරට අතර පවතින හවුල්කාරීත්වයන් ශක්තිමත් කිරීමටද බලාපොරොත්තු වන බව නාමල් රාජපක්ෂ මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.