ඉදිරියේදී ඔස්ට්‍රේලියාවට ඇති විය හැකි බරපතළ අවදානමක් ගැන හෙළිදරව්වක්
September 15, 2025 11:20 am
2050 වසර වන විට ඔස්ට්‍රේලියාවේ වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයින් මිලියන 1.5කට මුහුදු මට්ටම ඉහළ යාමෙන් සිදුවන බලපෑම්වලට මුහුණ දීමට සිදුවනු ඇති බව වාර්තාවකින් අනාවරණය කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ ජාතික දේශගුණික අවදානම් තක්සේරු වාර්තාවකින් පෙන්වා දී ඇත්තේ දේශගුණික විපර්යාස හේතුවෙන් ඔස්ට්‍රේලියානු ජාතිකයින්ට ගංවතුර, සුළි සුළං, නියඟය සහ ලැව්ගිනි යනාදි ස්වභාවික ආපදා තත්ත්වයන්ට නිරන්තරයෙන් ගොදුරුවීමේ අවදානමක් පවතින බවය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට දේශගුණික විපර්යාස අමාත්‍ය ක්‍රිස් බෝවන් පවසන්නේ දැනටමත් ඔස්ට්‍රේලියානු ජාතිකයින් අදාළ දේශගුණික විපර්යාසයන්ට මුහුණ දී සිටින අතර ඉදිරියේදී ඇතිවන බලපෑම් අවම කර ගැනීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුව පවතින බවය.
මේ වන විට ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5කින් ඉහළ ගොස් ඇති අතර එය තවදුරටත් වර්ධනය වුවහොත් උෂ්ණත්වය ඉහළ යාමෙන් සිදුවන පුද්ගල මරණ සංඛ්‍යාව ද සියයට 400කින් ඉහළ යාමේ අවදානමක් පවතින බව අදාළ වාර්තාවේ පෙන්වා දී ඇත.