'බිම්මල් ඝාතකයා' ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
සයුරෙන් එතෙර

'බිම්මල් ඝාතකයා' ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

September 8, 2025   02:29 pm

ලොව විෂ සහිතම බිම්මල් සමඟ දිවා ආහාරයක් සකසා අමුත්තන් සිව්දෙනෙකුට ලබා දී එයින් තිදෙනෙකු ඝාතනය කිරීම සහ අනෙක් පුද්ගලයාව ඝාතනයට තැත්කිරීම යන චෝදනාව සඳහා වරදකරු වූ ඕස්ට්‍රේලියානු කාන්තාවට එරට අධිකරණයක් මගින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් තුනක් නියම කර තිබේ.

එම සිරදඬුවම් වසර 33 ක සමාවක් නොමැති කාලයක් සහිතව නියම කර ඇති බව සඳහන් වේ.

මෙලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී ඇත්තේ එරින් පැටර්සන් නම් 50 හැවිරිදි කාන්තාවකටය.

අදාළ ඝාතනයන් සිදුව ඇත්තේ 2023 දීය.

වැරදිකරු වූ එරින් පැටර්සන් තමන්ගෙන් වෙන් වූ සැමියාවන සයිමන් පැටර්සන් සහ ඔහුගේ පවුලේ ඥාතීන්ට සිය නිවසට දිවා ආහාර වෙලක් සඳහා ආරාධනා කර ඇත.

නමුත් එදින ඇගේ වෙන් වූ සැමියා පැමිණ නොමැති අතර ඔහුගේ දෙමාපියන්, නැන්දා සහ මාමා දිවා ආහාරය සඳහා පැමිණ තිබුණි.

ආහාර ගැනීමෙන් පසුදිනයේ මෙම සිව්දෙනා රෝගාතුරුවීම හේතුවෙන් රොහල්ගත කර ඇති අතර දින කිහිපයකින් පසුව සයිමන්ගේ දෙමව්පියන් වන ඩොන් සහ ගේල් පැටර්සන් බහු අවයව අක්‍රියතාවයට හේතු වූ දරුණු ආමාශ ආන්ත්‍රික රෝගයකින් පෙළීමෙන් පසු මියගොස් ඇති අතර ඔහුගේ නැන්දනියද මිය ගොස් තිබුණි.

මේ අතර මාස කිහිපයක් සිදුකළ ප්‍රතිකාර මත සයිමන්ගේ මාමා දිවි බෙරාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ මෙම සිව්දෙනාගේ ආහාර සඳහා ලොව විෂ සහිතම බිම්මල් මිශ්‍ර වී ඇති බවය.

එහිදී එරින් විසින් ලබා දුන් ආහාරවේල සම්බන්ධයෙන් ද පොලීසිය විසින් විමර්ශනය කර ඇති අතර එහිදී ඇය සැකසු එක් ආහාරයකට මෙම ලොව විෂ සහිතම බිම්මල් මිශ්‍රකර ඇති බව හෙළි වී තිබේ.

ඒ අනුව ඇයව සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඇය පවසා ඇත්තේ තමන් එය හිතාමතා සිදු නොකළ බවත් අදාළ බිම්මල් වර්ගය සුපිරි වෙළෙඳසැලකින් මිලදී ගත් බවය.

කෙසේවෙතත් නඩු විභාගය අතරතුරදී දිවි බේරාගත් සයිමන්ගේ මාමා වන ඉයන් විල්කින්සන් පවසා අත්තේ එරින් විසින් තමන්ට පිළිගැන්වූ ආහාර සහ ඇය ගත් ආහාර අතර වෙනස්කම් තිබු බවය.

නමුත් එරින් පවසා ඇත්තේ තමන් සහ සිය දරුවන් දෙදෙනා ද එම ආහාර කෑමට ගත් බවත් ඔවුන්ට සංකූලතා ඇති නොවූ බවත්ය.

කෙසේ වෙතත් වසර 2ක් පුරා පැවති නඩු විභාගයකින් අනතුරුව මෙල්බර්න් ශ්‍රේෂ්ඨාධිකරණය එරින් පැටර්සන් ට අද (08) තීන්දුව ලබා දී තිබුණි.

ඒ ජීවිතාන්තය දක්වා සිරදඬුවමයි. එමෙන්ම වසර 33 ක් ගත වන තුරු ඇප ඉල්ලා අභියාචනාවක් හෝ ඉල්ලීමට නොහැකි ලෙසද එම නඩු තීන්දුවේ සඳහන් වේ.

මෙම අවසන් නඩු විභාගය සජීවීව විකාශනය කර ඇත අතර ලෝකයම අවධානය දිනාගත් නඩු තීන්දුවක් විය.

අවසන් නඩු තීන්දුව ලබා දෙමින් විනුසුරුවරයා පවසා ඇත්තේ “2023 ජූලි 16 වන දින වන විට, ඔබ සයිමන්, ඔහුගේ දෙමාපියන් සහ නැන්දා සහ මාමාට බොරු කියමින්  ඔබට නෙමැති රෝගයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දරුවන් නොමැතිව දිවා ආහාරයකට පැමිණෙන ලෙසට ආරාධනා කළ බවත් , ඔබ එසේ කළේ ඔවුන් සියල්ලන්ම මරා දැමීමේ අරමුණින් බවත්” යනුවෙනි.

එරින් පැටර්සන් ඇගේ සැමියාගෙන් වෙන් වී සිටි නමුත් ඔහුගේ දෙමාපියන් වන ඩොන් සහ ගේල් පැටර්සන් සමඟ සම්බන්ධතා පවත්වා ඇත. ඇය ඔහුගේ නැන්දා සහ මාමා වන අයන් සහ හෙදර් විල්කින්සන් වසර ගණනාවක් තිස්සේ දැන සිට ඇති බව සඳහන් වේ.

2023 ජූලි 31 වන දින ලියොන්ගාතා හි ඇගේ නිවසේ දිවා ආහාරය සඳහා පැටර්සන් පවුලේ සාමාජිකයන් පස් දෙනාටම ආරාධනා කර තිබුණි.

එරින් පැටර්සන් අධිකරණයට පැවසුවේ ඇයට අවශ්‍ය වූයේ ඇගේ නැන්දම්මා සමඟ වඩා හොඳ සම්බන්ධතාවයක් පමණක් බවය.

කෙසේ නමුත් නඩු විභාගයෙ දී ඇයගේ වෙන වූ සැමියා පවසා ඇත්තේ, මීට පෙර වසර දෙක තුළ තම බිරිඳ ඔහුට කිහිප වතාවක් වස දීමට උත්සාහ කළ බවත්, ඇගේ අභිප්‍රායන් ගැන සැලකිලිමත් වූ බැවින් තමන් දවල් ආහාරය සඳහා මහභාගී නොවු බවත්ය.

මේ අතර අදාළ විෂ සහිත බිම්මල්  ඇති ස්ථානය පැටර්සන් දැනසිටි බව ජූරි සභාවට අනාවරණය වී ඇති අතර ඇය බිම්මල් වියළීම සඳහා විජලන යන්ත්‍රයක් මිලදී ගෙන ඇගේ අමුත්තන් රෝහලේ මිය යමින් සිටියදී එය අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයකට දමා ඇති බවද හෙළි වී ඇත.