සීවලි අරුක්ගොඩ රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට
August 26, 2025 08:10 am
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට සීවලි අරුක්ගොඩ මහතාව අද (26) සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ.
ඒ අනුව සීවලි අරුක්ගොඩ මහතා 45 වන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා බවට පත්වේ.
සීවලි අරුක්ගොඩ මහතා රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද කටයුතු කළේය.