header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
හිටපු ජනපති රනිල් රිමාන්ඩ්
Aug 22, 202510:02 PM
හිටපු ජනපති රනිල් රිමාන්ඩ්
Mobitel 1278

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සහ සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥ මණ්ඩලයක් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය මෙම නියෝගය නිකුත් කළාය.

නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම නඩු විභාගයේදී ඉදිරිපත් වූ කරුණු විශ්ලේෂණය කිරීමේදී මෙම නඩුකරයට පාදක වන ප්‍රශ්නගත සංචාරය පෞද්ගලික සංචාරයක් බව පෙනී යන බවය.

එමෙන්ම එම සංචාරය සඳහා සැකකරු රජයේ මුදල් භාවිත කළ බව සැකකාර පාර්ශවයේ නීතිඥවරු ප්‍රතික්ෂේප කර නොමැති බවත් තීන්දුවේ සඳහන් විය.

පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් වන අවස්ථාවක ඇප ප්‍රදානය කළ හැක්කේ අසාමාන්‍ය කරුණු අනාවරණය වන අවස්ථාවක පමණක් බවත් එහෙත් මෙම සැකකරුගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු තුළ අසාමාන්‍ය කරුණු අනාවරණය නොවන බැවින් මොහුට ඇප ප්‍රදානය කිරීමට හැකියාවක් නොමැති බවත් තීන්දුවේ සඳහන් විය.

ඒ අනුව සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය ඔහු ලබන 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළාය.

බන්ධනාගාරය තුළදී සැකකරුට අවශ්‍ය ආරක්ෂව සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය මෙහිදී වැඩිදුරටත් නියෝග කළාය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2023 වසරේ සැප්තැම්බර් මස 22 වනදා සහ 23 යන දිනවල සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බ්‍රිතාන්‍යයේ සිදු කළ පුද්ගලික සංචාරයක් සඳහා රුපියල් ලක්ෂ 166 ක රජයේ මුදල් වැය කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ බව සඳහන් කළේය.

මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ 33 ක් සටහන් කර ගෙන ඇති බවත් ඔහු එහිදී අධිකරණය හමුවේ පැවසීය.

2023 වසරේ සැප්තැම්බර් මස 13 වනදා සිට 20 වනදා දක්වා කාල සීමාව තුළ කියුබාව සහ ඇමරිකාවේ නිල සංචාරයක නිරත වීමෙන් පසුව සැප්තැම්බර් මස 22 වනදා ඔහු පුද්ගලික සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට ගොස් තිබුණි.

සිය බිරිඳගේ සම්මානිත මහාචාර්ය පදවිය ලබා ගැනීම සඳහා ඔහු එහි ගොස් තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී පැවසුවේය.

තවද එම ගමන සඳහා හිටපු ජනාධිපති සමග ඔහුගේ බිරිඳ, පුද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා, වෛද්‍යවරයෙකු සහ පොලිස් නිලධාරීන් ඇතුළු 10 දෙනෙකු සහභාගී වී ඇති බවත් ඔහු මෙම සංචාරයට සහභාගී වී තිබෙන්නේ බ්‍රිතාන්‍ය රජයේ නිල ආරාධනයක් අනුව නොවන අතර, මේ සඳහා මුදල් අනුමත කර ඇත්තේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් බවත් ඔහු මෙම අපරාධයේ ප්‍රධාන සැකකරුවකු වශයෙන් හඳුනාගෙන තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරල්වරයා සඳහන් කළේය.

මෙම දින එක හමාරක සංචාරය තුළ වාහන සඳහා රුපියල් 4,475,160 ක් මුදලක්ද වාහන අත්තිකාරම් වශයෙන් රුපියල් ලක්ෂ 14 ආසන්න මුදලක්ද ආහාර පාන සඳහා රුපියල් ලක්ෂ 13 කට අධික මුදලක්ද, හෝටල් පහසුකම් සඳහා රුපියල් ලක්ෂ 34 කට ආසන්න මුදලක්ද ගුවන් තොටුපොළේ අමුත්තන් පරිහරණය කරන ස්ථානය වෙන් කර ගැනීම සඳහා බ්‍රිතාන්‍ය පවුම් 6,000 මුදලක් වැය කර තිබෙන බවත් ඔහු පැවසීය.

මෙම සංචාරයට සහභාගි වූ පොලිස් නිලධාරීන්ට පොලිස් දෙපාර්තමේන්තුවෙන් රුපියල් 3,274,301/- ක් මුදලක් ගෙවා ඇති බවත් සැකකරුගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියට රුපියල් 39,000/- ක දීමනාවකුත් ගෙවා ඇති බවත් අතිරේක සොලිසිටර් ජෙනරල්වරයා අධිකරණය හමුවේ පැවසීය‍

තවද එම වකවානුවේ ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් තුළින් රටේ පවතින ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන අත්‍යවශ්‍ය වියදම් සඳහා පමණක් රාජ්‍ය මුදල් වැය කිරීමට උපදෙස් ලබාදී තිබුණු බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා රටේ ආර්ථික අර්බුදයක් පැවති අවස්ථාවක ඩොලරයක් සොයා ගැනීමට පවා අපහසු තත්ත්වයක් තිබූ අවස්ථාවක පාලකයා වශයෙන් මෙම සැකකරු සිය පෞද්ගලික සංචාරය සඳහා මේ ආකාරයෙන් රජයේ මුදල් වැය කිරීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් බවත් ඔහු සඳහන් කර සිටියේය.

ඒ අනුව මෙම වියදම් සඳහා පූර්ව අනුමැතිය ලබාගෙන නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.

"මෙහිදී හිටපු ජනාධිපති ලේකම්වරයා වැරදි ආකාරයෙන් කටයුතු කර තිබෙනවා. රජයේ නිලධාරීන් දේශපාලකයින්ව හරි මග යැවිය යුතුයි. ඔහුට රජයේ අරමුදල් තමන්ගේ අභිමතයට යොදාගන්න බෑ." යනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් වරයා සඳහන් කළේය.

"සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය තුළින් පිළිගෙන තිබෙනවා ඔහුගේ බ්‍රිතාන්‍ය සංචාරය පෞද්ගලික සංචාරයක් බව. ඒ වගේම සැකකරුගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මිය ලබා දී ඇති කට උත්තරයේ සඳහන් කර තිබෙනවා තමන් විදේශ කටයුතු අමාත්‍යංශයට යැවූ ඉල්ලීමේ මෙම සංචාරය පෞද්ගලික සංචාරයක් වශයෙන් සඳහන් කර තිබූ බව එසේ නම් මෙම පුද්ගලික සංචාරය නිල සංචාරයක් බවට පරිවර්තනය කිරීමට කටයුතු කළේ කවුද?" ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේය.

මෙය බ්‍රිතාන්‍යයෙන් ලැබුණු නිල ඇරයුමක් අනුව ගිය ගමනක් නොවන බවත් රටේ ආර්ථික අර්බුදයක් පැවති අවස්ථාවක මෙවැනි වියදමක් දැරීම යුක්ති සහගතද? යන ප්‍රශ්නය මතුවන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ විමසීය.

මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයාගේ නිල ඡායාරූප ශිල්පියා සහභාගි වී නොමැති බවත් නිල සංචාරයක් නම් ඔහු සහභාගි නොවුණේ ඇයි කියන ප්‍රශ්නය මතුවන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රශ්න කළේය.

"සැකකරු ප්‍රකාශ කරලා තිබෙනවා තමන්ගේ වැටුප රුපියල් ලක්ෂයක් බව. එසේ නම් මේ ආකාරයෙන් වියදමක් දරන්නේ කෙසේද?" යනුවෙන් ප්‍රශ්න කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ජනාධිපතිවරයා යනු මහජනයාගේ භාරකරු බවත් ඔහුට අත්තනෝමතික ආකාරයෙන් මහජන මුදල් වැය කිරීමට හැකියාවක් නොමැති බවත් සඳහන් කළේය.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති අතර ඊට අදාළව තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙන බවද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේය.

ඒ අනුව මෙම සැකකරුගේ තත්ත්වය තරාතිරම හෝ නිලය සැලකිල්ලට ගැනීමට අධිකරණයෙන් ඉල්ලා සිටිම සම්බන්ධයෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා මෙම සැකකරු ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් විරුද්ධ වන බවත් පැවසුවේය.

ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි ජනාධිපතිවරයාගේ ලේකම්වරයෙකු විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ඇරඹී තිබෙන බව පැවසීය.

ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති වාර්තාවක මෙම සංචාරය සම්බන්ධයෙන් කරුණු දක්වා තිබෙන බවත් ඒ තුළ අවිධිමත් ක්‍රියාවක් සිදුවී නොමැති බව දක්වා තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු පෙන්වා දුන්නේය.

එම වාර්තාව විමර්ශන නිලධාරීන් විසින් සැලකිල්ලට ගෙන නොමැති බවත් ඒ ගැන සැලකිලිමත් වුණා නම් මෙවැනි නඩුවක් මතු නොවනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

රටේ ජනාධිපතිවරයෙකුට ලැබෙන ඇරයුම් සියල්ල නිල ඇරයුම් බවත් මෙවැනි සංචාරවලට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ලක්ෂ්මන් කදිරගාමර්, ලලිත් ඇතුළත්මුදලි වැනි නායකයින් සහභාගි වී තිබෙන බවත් පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයෙකුට සාමාන්‍ය පන්තියේ ගුවන් ටිකට් පතක් ලබාගෙන විදේශයකට ගොස් කුලී රථවල ගමන් කරමින් මිත්‍රයින්ගේ නිවාසවල නවාතැන් ගනිමින් කටයුතු කළ නොහැකි බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එය රාජතාන්ත්‍රික තත්වයක් නොවන බවත් සඳහන් කර සිටියේය.

රනිල් වික්‍රමසිංහ මහතා මෙම බ්‍රිතාන්‍ය සංචාරයට සහභාගි වුනේ බ්‍රිතාන්‍යයේ වුල්ෆ් ඇම්ටන් විශ්ව විද්‍යාලය විසින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා යොමු කළ ඇරයුමක් අනුව බවත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ලැබුණු ඇරයුමක් නිල ඇරයුමක් නොවන්නේ කෙසේදැයි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කර සිටියේය.

ජනාධිපතිවරයා යනු පැය 24 ම වැඩ කරන පුද්ගලයෙකු බවත් ඔහුට මෙම ඇරයුම ලැබෙන්නේ රනිල් වික්‍රමසිංහ වශයෙන් නොව ශ්‍රී ලංකාවේ ජනාධිපති වශයෙන් බවත් ඔහු පෙන්වා දුන්නේය.

පැමිණිල්ල විසින් සඳහන් කළ මුදල් රෙගුලාසි අදාළ වන්නේ අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් සභාවල ලේකම්වරුන්ට පමණක් බවත් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා වැනි නිල දරන්නන්ට ඒවා අදාළ නොවන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.

තම සේවාදායකයාට හෘද රෝග මෙන්ම පාලනය කළ නොහැකි දියවඩියා තත්ත්වයන් හා රුධිර පීඩන තත්ත්වයක් පවතින බවත් ඔහුගේ බිරිඳ පිළිකා රෝගී තත්ත්වයක පවතින බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඊට අදාළ වෛද්‍ය වාර්තා ද අධිකරණයට ඉදිරිපත් කළේය.

තම සේවාදායකයා හිටපු ජනාධිපතිවරයෙකු වන අතර ආරක්ෂක තර්ජන ගැන සැලකිල්ලට ගැනීමේදී ඔහු රක්ෂිත බන්දනාගර ගත කළ හැකිද? යන ගැටලුව මතුවන බවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී සඳහන් කර සිටියේය.

මෙම කරුණු සුවිශේෂී කරුණු සේ සලකා මෙම සැකකරු ඕනෑම කොන්දේසියක් යටතේ ඇපමත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් නාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම නඩු විභාගයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ඊට මැදිහත් වී ප්‍රකාශ සිදු කිරීම නිසා නීතිඥ දෙපළ අතර උණුසුම් වාද විවාද වරින් වර හට ගැනීම දක්නට ලැබුණි.

ඒ අනුව මහේස්ත්‍රාත්වරියට අවස්ථා කීපයකදී මැදිහත් වී එම තත්ත්වය සමථයට පත්කිරීමට ද සිදුවිය.

RelatedNews
MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..