header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
විධායක ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට ගත් ඉතිහාසයේ පළමු අවස්ථාව
Aug 22, 202505:13 PM
විධායක ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට ගත් ඉතිහාසයේ පළමු අවස්ථාව
Mobitel 1278

මෙරට ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වූ පළමු අවස්ථාව ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සඳහන් කළ හැකියි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුර කාලයේදී රජයේ මුදල් භාවිත කරමින් පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වනු ලැබුවේ, ජුනි 24 වෙනි දා ය‍.

අනතුරුව එම විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් ද, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත්තේය.

1949 මාර්තු 24 දා උපත ලද රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා පසුගිය යහපාලන රජයේ අග්‍රාමාත්‍ය ධූරය ද හෙබවීය.

1970 වසරේ මැද භාගයේදී කැලණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සිය දේශපාලන දිවිය ආරම්භ කළ ඔහු පසුව බියගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත් කෙරිණි. 1977 දී ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ ඒ මහතා ජේ.ආර්. ජයවර්ධන රජයේ කැබිනට් මණ්ඩලයේ සිටි ළාබාලතම අමාත්‍යවරයා වන අතර එහිදී ඔහු දැරුවේ තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍ය ධූරය යි.

අවුරුදු 28 දී විදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා වූ හෙතෙම පසුව තරුණ කටයුතු අධ්‍යාපන සහ කර්මාන්ත විද්‍යා සහ තාක්ෂණ කැබිනට් අමාත්‍ය ධූර හෙබවීය.

1989 මාර්තු 06 – 1993 මැයි 07 දක්වා කාලය තුළ පාර්ලිමේන්තුවේ සභානායක ධූරයේ ද කටයුතු කළ වික්‍රමසිංහ මහතා 1994 සිට 2001 දක්වාත් 2004 සිට 2015 දක්වාත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරයේ කටයුතු කළේ ය.

වික්‍රමසිංහ මහතා ප්‍රථම වතාවට 1993 මැයි 7 වන දා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ අතර 1994 අගෝස්තු 19 දක්වා එම තනතුර හෙබවීය.

වික්‍රමසිංහ මහතා දෙවන වරට 2001 දෙසැම්බර් 9 සිට 2004 අප්‍රේල් 02 දක්වා ත් තෙවන වරට 2015 ජනවාරි 9 සිට 2015 අගෝස්තු 21 දක්වා ත් සිවුවන වරට 2015 අගෝස්තු 24 සිට 2018 ඔක්තෝබර් 26 දක්වා ත් පස්වන වරට 2018 දෙසැම්බර් මස 16 වන දින සිට 2019 නොවැම්බර් 21 දක්වා ත් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ.

ඉන් අනතුරුව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා නැවත අග්‍රාමාත්‍ය ධූරයට පත්වී එම ධූරයේ කටයුතු කරමින් සිටි අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව 2022 ජූලි 15 වනදා සිට ඔහු නැවත වැඩ බලන ජනාධිපති ධූරයට ද පත්විය.

රට තුළ පැවති අරගලකාරී වාතාවරණය හමුවේ, ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා, 2022 ජූලි 20 වන දින අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

සැප විඳිමින් හොර ජාවාරම් රැසක් මෙහෙයවූ අඹුසැමි යුවළ කොටුවෙයි | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

පාප් වහන්සේගේ ප්‍රංශ ගමන | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

නෙතෙන්යාහුගේ කතාව එපා වී රොත්ත පිටින් නැගිට යයි - ''බයගුල්ලෝ ඉන්නවා නම් යන්න පුළුවන්'' | Ada Derana

"කවුද රනිල් වික්‍රමසිංහ කියන්නේ?"22 විවාදය මැද සජිත්ව අගය කළ බිමල්| Ada Derana

"කවුද රනිල් වික්‍රමසිංහ කියන්නේ?"22 විවාදය මැද සජිත්ව අගය කළ බිමල්| Ada Derana

පොල්දූවේ විරෝධයට ලැබුණු නිදහස සජබ මහලේකම්ට ප්‍රශ්නයක් - ''අපි එකතුවෙන එක ඔයාලට ප්‍රශ්නයක්ද?''

පොල්දූවේ විරෝධයට ලැබුණු නිදහස සජබ මහලේකම්ට ප්‍රශ්නයක් - ''අපි එකතුවෙන එක ඔයාලට ප්‍රශ්නයක්ද?''

වැස්සෙන් පසු ගංවතුර තත්ත්වය...වාරිමාර්ගයෙන් පහදයි"ජලය ඉතා සෙමෙන් අඩුවෙන්නේ...''

වැස්සෙන් පසු ගංවතුර තත්ත්වය...වාරිමාර්ගයෙන් පහදයි"ජලය ඉතා සෙමෙන් අඩුවෙන්නේ...''

 ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට ගිය..චීන - අමෙරිකා ජනපති ආර්යාවන් දෙපළ

ජාතික ආසියානු කලා කෞතුකාගාරය නැරඹීමට ගිය..චීන - අමෙරිකා ජනපති ආර්යාවන් දෙපළ

තිලීපන් සිහිකර උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වූ පිරිසට පොලිසියෙන් විරෝධයක්

තිලීපන් සිහිකර උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වූ පිරිසට පොලිසියෙන් විරෝධයක්

මහවැලි ගඟෙන් වගාව ගම්මානයට ආපු අලි රංචුව කැමරාවට හසුවූ හැටි

මහවැලි ගඟෙන් වගාව ගම්මානයට ආපු අලි රංචුව කැමරාවට හසුවූ හැටි

 කිඹුල් බිය මැද ජලයෙන් එගොඩ වූ ජනතාව"වැහි දාහක් වැස්සත් රස්සාවට යන්න වෙනවා"

කිඹුල් බිය මැද ජලයෙන් එගොඩ වූ ජනතාව"වැහි දාහක් වැස්සත් රස්සාවට යන්න වෙනවා"

 කාලගුණයේ අලුත්ම වෙනස"වැස්ස ක්‍රමයෙන් අඩුවෙනවා...ඉදිරියේ යහපත් තත්ත්වයක්"

කාලගුණයේ අලුත්ම වෙනස"වැස්ස ක්‍රමයෙන් අඩුවෙනවා...ඉදිරියේ යහපත් තත්ත්වයක්"

 අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට

අධිවේගයෙන් අහිමි වූ දැවැන්ත පාඩුවක් විගණන වාර්තාවකින් එළියට

චීන ජනපතිට 'හෙලිපෑඩ්' පරිශ්‍රය පෙන්වූ ට්‍රම්ප්

චීන ජනපතිට 'හෙලිපෑඩ්' පරිශ්‍රය පෙන්වූ ට්‍රම්ප්

හෙට්ටිවීදිය නොසන්සුන් කළ රන් සොරකමේ විමර්ශනය

හෙට්ටිවීදිය නොසන්සුන් කළ රන් සොරකමේ විමර්ශනය

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

මහනුවර නගරයේ යාචක මාෆියාවක් ඇතැම් රාජ්‍ය සේවිකාවන් මුහුණු ආවරණ දාගෙන හිඟා කනවා

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලූ පියුමි හංසමාලිගේ රිට් පෙත්සම අස්කරගනී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

දිලිත් සහ IMF නියෝජිත අතර හමුවක්

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

IMF සාකච්ඡා එකඟතාවක් නෑ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 20%ක් දෙවරක් දත් මදින්නේ නෑ

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

කඳුළු ගෑස් ඕනෑත් නෑ : උද්ඝෝෂණවලට සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ඇති

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

22ට එරෙහි විපක්‍ෂයේ විරෝධය අද පොල්දූව මංසන්ධියේදී

පොලිස් බලතල හමුදාවටත්

පොලිස් බලතල හමුදාවටත්

අනුර ජනපති වී වසර දෙකයි

අනුර ජනපති වී වසර දෙකයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

හරක් කටා එක්ක ගැටී කෙහෙල්බද්දර පද්මේ රෝහලේ

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු

කළුතර බන්ධනාගාරයට බත් පැකට් එක අස්සේ කුඩු ඇද්ද සැකකරු මාට්ටු