
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ අද (20) පෙරවරුවේ දී පැවැතිවිය.
ඒ අනුව ඊට ඉදිරිපත්වී සිටි අපේක්ෂකයින් තිදෙනා ලබාගත් ඡන්ද ප්‍රතිඵල මෙසේය.
රනිල් වික්‍රමසිංහ - ඡන්ද 134
ඩලස් අලහප්පෙරුම - ඡන්ද 82
අනුර කුමාර - ඡන්ද 03
ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකාවේ 8වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරීපත්වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාය.
මේ අතර අද පැවැති අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තේරීමේ මන්ත්‍රී ඡන්දයේදී 223 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර තිබුණි.
ඉන් ඡන්ද 04ක් ප්‍රතික්ෂේපිත ඡන්ද ලෙස සටහන්විය.
මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.




















































