පෑලියගොඩ වෙඩිතැබීමක්
August 19, 2025 10:16 am
පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද (19) උදෑසන සිදුවූ වෙඩි තැබීමක් සිදුව තිබේ.
නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.
වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ, පෑලියගොඩ මාළු වෙළෙඳ සංකිර්ණයේ කම්කරුවෙකු බව පොලීසිය ප්‍රකාශ කළේය.
එහිදී මාර්ගයේ ගමන්ගත් තවත් පුද්ගලයෙකුට ද වෙඩි වැදීමෙන් තුවාල ලබා තිබේ.
වෙඩි වැදිමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.