ස්වීඩනයේ මුස්ලිම් පල්ලියක් අසල වෙඩි තැබීමක්

ස්වීඩනයේ මුස්ලිම් පල්ලියක් අසල වෙඩි තැබීමක්

August 15, 2025   06:51 pm

ස්වීඩනයේ ඔරෙබ්‍රෝ නගරයේ මුස්ලිම් පල්ලියක් අසල අද (15) වෙඩි තැබීමක් සිදුව තිබේ.

ඉන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

අදාළ පුද්ගලයින් දෙදෙනා පල්ලියෙහි යාඥාවෙන් පසු ඉන් පිටතට පැමිණි අවස්ථාවේ නාඳුනන තුවක්කුකරුවෙකු විසින්  මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

මෙම වසරේම පෙබරවාරි මාසයේ දී ස්ටොක්හෝම් සිට කිලෝමීටර් 200ක් (සැතපුම් 125ක්) බටහිරින් පිහිටි ඔරෙබ්‍රෝහි සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් සහ ගුරුවරුන් දස දෙනෙකු මිය ගිය අතර, එය ස්වීඩනයේ මාරාන්තිකම තුවක්කු ප්‍රහාරය බවට පත්විය.