පුද්ගල ඝාතනයකට සැකපිට 7ක් අත්අඩංගුවට

පුද්ගල ඝාතනයකට සැකපිට 7ක් අත්අඩංගුවට

August 15, 2025   06:56 am

සීදූව, ඊරියගහළිඳ පාර ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවන් පස්දෙනෙකු හා ඊට ආධාර අනුබලදුන් සැකකරුවන් දෙදෙනෙකු සීදූව පොලීසිය මගින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන ඇත.

‍දුම්මලසූරිය පොලිස් වසමේ දී මෙම පිරිස අත්අඩංගුවට පත්ව ඇති අතර, එහිදී මන්නා පිහි තුනක්ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 17, 18, 21, 25, 27 හා 44 වයස්වල පසුවන සීදූව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.

ඔවුන් අද (15) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කිසියම් පිරිසක් විසින් ඉකුත් 12වනදා රාත්‍රියේ ඊරියගහළිඳ ප්‍රදේශයේ පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර ඇති බවට සීදූව පොලීසියට තොරතුරු ලැබී තිබුණි.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගියේය. ඔහු වයස අවුරුදු  40ක පුද්ගයෙක්ය.

සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.