රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිපදෙනෙක් ජනපතිව හමුවෙයි
August 12, 2025 10:04 pm
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් Paul Stephens අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (12) පස්වරුවේ පැවැත්වුණි.
සිය ධුර කාලය අවසන් කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ඒ මහතාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ජනාධිපතිවරයා මෙහිදී ඔහුට සුබපැතුම් එක් කළේය.
ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයේදී මෙන්ම, ඉන් පසුවද, ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා ලබා දුන් සහාය ජනාධිපතිවරයා විසින් ඇගයීමට ලක් කෙරුණි.
මෙරට සංචාරක, අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු ආදී ක්ෂේත්‍රවල සංවර්ධනය වෙනුවෙන් ඉදිරියටත් ඔස්ට්‍රේලියාව සහාය ලබාදෙනු ඇති බවද ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා මෙහිදී ජනාධිපතිවරයා හමුවේ පවසා තිබුණි.
මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් අතර හමුවක් ද ජනාධිපති කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්වුණි.
සිය ධුර කාලය අවසන් කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන එරික් වොල්ෂ් මහතාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ජනාධිපතිවරයා මෙහිදී ඔහුට සුබ පැතීය.
ජනාධිපති සහ ශ්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස් Badli Hisham bin Adam මහතා අතර හමුවක් ද අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර පවතින සමීප සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වයේම අවධානය යොමු විය.
විශේෂයෙන් මැලේසියාවේ සංචාරක, වෙළෙඳාම් සහ අධ්‍යාපන යන ක්ෂේත්‍රවල මෙන්ම මෑතකාලීනව අත්පත් කරගත් ජයග්‍රහණවල අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට සූදානම් බව මෙහිදී මැලේසියානු මහකොමසාරිස්වරයා සඳහන් කළේය.