ලන්ඩන් හි රැලියකට සහභාගී වූ 474ක් අත්අඩංගුවට
August 10, 2025 12:52 pm
බ්‍රිතාන්‍ය තුළ තහනම් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම්කර ඇති පැලස්ටයින් ඇක්ෂන් ගෘෘප් නම් කණ්ඩායමට සහාය පලකිරීම සඳහා ලන්ඩන් නුවර පැවති රැලියකට සහභාගී වූ 470කට අධික පිරිසක් එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එරට පවතින නීතිය අනුව එම සංවිධානයේ සාමාජිකත්වය ගැනීම හෝ සහාය පලකිරිම අපරාධමය වරදක් වන අතර නීතිය උල්ලංඝනය කරන්නන්ට වසර 14ක් දක්වා සිර දඬුවම් නියම කිරීමට ද ප්‍රතිපාදන පවතියි.
කෙසේ වෙතත් එරට පොලීසිය පවසන්නේ පසුගිය වසර 10 තුළ ලන්ඩන් පොලිසිය එක් දිනකදී වැඩිම පිරිසක් අත්අඩංගුවට ගත් අවස්ථාව මෙය වන බවය.